Written by: කවි

තුරු ලතා

තුරු ලතා

තුරු ලතා මද සුලගෙ දැවටිල නැලවෙනා

මල් පොට්ටු සුපිපිලා රොන් පුරා  හිනැහෙනා

කුරුලු කැල  ගි කියා ප්‍රබෝදය ගෙනදෙනා

වෙතොත් ලොව යම්  තැනා සුර ලොවකි එය මනා

ගලින් ගල හැපෙමිනා පෙන බුබුලු නන්වනා

ගඟකි තුරු වදුලු සිප සිසිල ගෙන සැනසෙනා

ගඟට මුව පොවමිනා මුව රැලකි දිය බොනා

දැහැනකට සම වැදී කොකෙක් තනි කකුලෙනා

මේ රැගුම් බල මිනා වනස්පති වැනෙමිනා

සෙවණ දී දරු කැලගෙ විඩා සන්සිදවනා

Visited 1 times, 1 visit(s) today
Last modified: January 27, 2025