Written by: කවි

ආදරය ගීරි සිරස්

ආදරය ගීරි

ආදරය ගීරි සිරස් පරයා නැගෙන

මල්පෙති වන් හදවත් වලට පමණකි එය දැනෙන

දිය බිදක සිසිල නොදනි මින් දියේ රැදෙන

සිතක් කුමකට ප්‍රේමයක් නාඳුනන

 

වැවක් දිය කද දරා සිටියද

ගඟක් ගෙන ගොස් දමයි එය කර දියට

කලද නිමිහිමි නැති පෙමක් හැගුමි ගල් වුනු සිතට

පෙමට පෙම හමු නොවන තැන සිත දරා ගන්නේ කෙලෙස?

Wathsala
Wathsala
Visited 1 times, 1 visit(s) today
Last modified: January 23, 2025